සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන බව ඉකුත් සමය පුරාවට නිරීක්ෂණය වූ බව අප කළ විමසීමක දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසුවා.
ඒ අනුව මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට එරෙහිව විනය පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර රාජ්‍ය සේවකයාගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අත නොතබන ලෙසත්, ඊට අදාළව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය වහා හකුළාගන්නා ලෙස ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය පවසනවා.
අද(22) කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ධම්මික මුණසිංහ මහතා සදහන් කළේ රාජ්‍ය සේවකයාගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවයි.