A Brand of Non Media Shout (Private) Limited

රජය රසායනික පොහොර ගෙන්වන්නේ නැහැ – පෞද්ගලික අංශයට රසායනික පොහොර ගෙන්විය හැකියි – ජනපති

හරිත ප්‍රතිපත්තියට කුමන බාධා එල්ලවුවත් එය කෙසේ හෝ ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද(22) පෙරවරුවේ ජනාධිපති

මිතුරන් සමග ‌බෙදාගන්න

හරිත ප්‍රතිපත්තියට කුමන බාධා එල්ලවුවත් එය කෙසේ හෝ ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද(22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සදහන් කළේ ජාතික පොහොර ප්‍රතිපත්තිය රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ රජය විසින් රසායනික පොහොර නොගෙන්වන බවත් තම තමන්ගේ කැමැත්ත පරිදි පෞද්ගලික අංශයට රසායනික පොහොර ගෙන්වීමට අවසර හිමිවන බවයි.

තවත් පුවත්