අඛණ්ඩව දින 10 කට අධික කාලයක් තුළ මෙරට දෛනිකව වාර්තාවන කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 697 ත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 556,626 දක්වා ඉහළ ගියේය.
මෙම තත්ත්වය මත කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ බස්නාහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මෙම මස අවසාන සතියේ ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (21දා) කොරෝනා මරණ 19 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (20දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,127 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 381ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 526,734ක් දක්වා වැඩි විය.