* ශී‍්‍ර ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය
දිමුත් කරුණාරත්නගේ නොදැවුණු ශතක ඉනිමෙන් සහ ධනංජය ද සිලවා සහ පැතුම් නිස්සංකගේ අර්ධ ශතක ඉනිමෙන් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් කි‍්‍රයත්මක පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (21 වැනිදා* දිනය නිමාවට පත්වන විටදී ප‍්‍රබල ස්ථානයකට පත්වන්නට සමත්වී සිටියේය. එ් අනුව ඊයේ දිනය නිමාවන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටියේය.
ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එ් අනුව ඉනිම ආරම්භ කළ නායකයා සහ පැතුම් නිස්සංක ශී‍්‍ර ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 139ක සාර්ථක ලකුණු සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය. සිය පස්වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන පැතුම් නිස්සංක ඊයේ දිනයේදී සිය දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීවේය. පන්දු 140ක් පුරා දිග හැරුණු එම ඉනිමට හතර් පහර 07ක් එක් කිරීමටද නිස්සංක වග බලා ගත්තේය. ශී‍්‍ර ලංකා ඉනිමේ කි‍්‍රයාත්මක වූ 49 වැනි පන්දුවාරය කි‍්‍රයාත්මක කළ ෂැනොන් ගේ‍්‍රබියල් යැවූ පළමු පන්දුවේදී රකීම් කොන්වෙල් අතට උඩපන්දුවක් ලබා දෙමින් පැතුම් නිස්සංක දැවී ගියේය.
ඕෂධ ප‍්‍රනාන්දුට සහ ඇන්ජලෝ මැතිව්ස්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැුඳීමට ඉඩ ලබා නොදුන් රෝස්ටන් චේස් ශී‍්‍ර ලංකා ඉනිමට දෙවැනි කඩුල්ල මුළු ලකුණු 164දී බිඳ දමමින් ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 3කට නැවත කී‍්‍රඩාගාරයට හරවා යැවීය. අනතුරුව නැවතත් කි‍්‍රයාත්මක වෙමින් ඇන්ජලෝ මැතිව්ස්ද ලකුණු 3ක් ලබා සිටියදී නැවත කී‍්‍රඩාගාරයට හරවා යැවීමට රෝස්ටන් චේස් සමත් වෙද්දී මුළු ලකුණු 170දී ශී‍්‍ර ලංකා ඉනිමට තෙවැනි කඩුල්ල අහිමි වී ගියේය.
අනතුරුව ශී‍්‍ර ලංකා නායකයා සමගින් පිටියට එක් වූ ධනංජය ද සිල්වා ඊයේ දිනයේදී සිය 09 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය. පන්දු 77ක් පුරා නොදැවුණු එම ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත්විය.
ශී‍්‍ර ලංකා ඉනිමේ යෝධ පවුරක් ලෙසින් සටහන් වූ නායක දිමුත් කරුණාරත්න ඊයේ දිනයට තරගය නතර කරන විටදී නොදැවී ලකුණු 132 ලබා සිටියේය. පන්දු 265ක් පුරා නොදැවුණු එම ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් විය. දිමුත්ගේ ශතකය සිය ජාත්‍යන්තර 13 වැනි ටෙස්ට් ශතකය ලෙසින් සටහන් වෙද්දී එය මෙවර ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකා පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකය ලෙසින් වාර්තා පොතට එක් විය.
ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප‍්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ විසින් තමන් තරග තීරකවරයෙක් ලෙස කටුයුතු කරන 200 වැනි ටෙස්ට් තරගයට ඊයේ (21 වැනිදා* සහභාගි විය. එ් ඊයේ ගාල්ලේදී ආරම්භ වූ ශ‍්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී තරග තීරකවරයකු ලෙස කටයුතු කරමිනි.
ඒ අනුව රංජන් මඩුගල්ලේ ඊයේ ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ පළමු තීරකවරයා ලෙස වාර්තා පොත් අතරට විය. ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙස සැලකෙන රංජන් මඩුගල්ලේ මෙම සුවිශේෂී කඩ ඉම ඉක්මවා යෑමට පෙර පළමු වරට ලොව ටෙස්ට් තරග 100 ක් සහ ටෙස්ට් තරග 150 ක සීමාව පසු කරන ලද පළමු තරග තීරකයා ලෙසින්ද වාර්තා පොත් අතරට එක්වී සිටියේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප‍්‍රධාන තීරකවරයා ලෙසින් කටයුතු කරන මඩුගල්ලේ 1993 වසරේ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය ආරම්භ කළේය. 62 දෙහැවිරිදි වියේ පසුවන මඩුගල්ලේ,
පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියද ඇතුළුව මෙතෙක් ලෝක කුසලාන තරගාවලි 8 කදී තරග තීරකවරයකු ලෙස කටයුතු කර තිබේ.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට ක‍්‍රීඩා කර ඇති රංජන් මඩුගල්ලේ එක්දින තරග 63 ක්ද කී‍්‍රඩා කර තිබේ.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා පළමු ඉනිම
පැතුම් නිස්සංක ඇ. කොන්වෙල් ප. ගේබි‍්‍රල් 56
දිමුත් කරුණාරත්න නොදැවී 132
ඕෂධ ප‍්‍රනාන්දු ඇ. බොන්නර් ප. චේස් 03
ඇනජලෝ මැතිව්ස් ඇ. හොල්ඩර් ප. චේස් 03
ධනංජය ද සිල්වා නොදැවී 56
ඇතිරේක 17
එකතුව පන්දුවාර 88කදී කඩුලූ 3කට 267
කඩුලූ වැටීම
1-139, 2-164, 3-170
පන්දු යැවීම
ගේබි‍්‍රල් 12 0 56 1 හෝල්ඩර් 14 8 15 0
කොන්වෙල් 20 3 64 0 කයිල් මාර් 3 0 9 0
වොරිකන් 18 1 60 0 චේස් 17 2 42 0
බ්ලැක්වූඩ 1 0 6 0 බ‍්‍රැත්වේට් 3 0 4 0
කසුන් රණවීර