ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සීමිත පිරිසකට නැරඹීමට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය මෙම අනුමැතිය ලබාදී ඇත්තේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර සිටියේ.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 05 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.