ඊයේ (23) දින විවෘත වූ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (Sarvodaya Development Finance – SDF) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ආයෝජකයන්ගෙන් අධිදායකත්වයක් ලැබී ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.
NDB ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් මගින් කළමනාකරණය කරනු ලැබූ මෙම කොටස් නිකුතුවේ දී එක් කොටසක් රු. 22.00 බැගින්, සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 45,454,546 ක් නිකුත් කරනු ලැබීය. මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන P W කෝපරේට් සෙක්‍රටේරියල් පවසන්නේ ඉදිරිපත් කරනු ලැබූ එම කොටස් ප්‍රමාණය ඉක්මවා අයදුම්පත් ලැබී තිබෙන බවයි.
ඒ අනුව අද දින පස්වරු 4.30 ට මෙම කොටස් නිකුතුව වසා දමන ලදී.
මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රු. බිලියනයක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීමට නියමිතය.