A Brand of Non Media Shout (Private) Limited

‘කල්‍යාණි රන් පිවිසුම’ ජනසතු කෙරේ…..

කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) ලෙස නම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම ජනාධිපතිවරයා හා අගමැතිවරයා

මිතුරන් සමග ‌බෙදාගන්න

කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) ලෙස නම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන ස්ථානයේ සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාලම් ව්‍යාපෘතිය අවසන් වන්නේ, ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙනි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මං තීරූ 4ක් වන ලෙස නිර්මාණය කර තිබේ.

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380 ක් වන අතර පාලමේ ඉදිකිරිම් සිදු කර ඇත්තේ, පැකේජ දෙකක් යටතේයි.

එහි පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 9,896 කි.

මේ අතර ජනාකීර්ණ පරිසරය හරහා ඉදිකළ නව කැලණි පාලම් ව්‍යාපෘතියේ කැලණිතිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැලණි පාලමේ කෙළවරේ සිට ඔරුගොඩවත්ත මංසන්දිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරීම සඳහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර තිබේ.

මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සඳහා භූගත ස්වයංක්‍රීය ජල නළ පද්ධතියක් ද ඉදි කර ඇත.

නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කරමින් නව කැලණි පාලම විදුලි ආලෝකකරණය කර තිබීම ද විශේෂත්වයකි.

අද ජනසතු වූ මෙම කල්‍යාණි රන් පිවිසුමේ ඉදිකිරීම් සිදු කර ඇත්තේ, ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ( JICA ) මූල්‍යදායකත්වය යටතේයි.

තවත් පුවත්