A Brand of Non Media Shout (Private) Limited

ගෑස් මිල ඉහළ යෑම නිසා ආදාහන ගාස්තුත් නගී…

ගෑස් මිල ඉහළ යෑම නිසා ආදාහනාගාරවල මළ සිරුරක් පිළිස්සීම සඳහා අයකරන ගාස්තුව රුපියල් දෙසීයකින් ඉහළ දැමීමට ඒ ඒ ප‍්‍රාදේශීය සභා පියවර ගෙන ඇත. මෙතෙක්

මිතුරන් සමග ‌බෙදාගන්න

ගෑස් මිල ඉහළ යෑම නිසා ආදාහනාගාරවල මළ සිරුරක් පිළිස්සීම සඳහා අයකරන ගාස්තුව රුපියල් දෙසීයකින් ඉහළ දැමීමට ඒ ඒ ප‍්‍රාදේශීය සභා පියවර ගෙන ඇත.

මෙතෙක් මළ සිරුරක් ආදාහනය කිරීම සඳහා අය කළ රුපියල් 5800ක ගාස්තුව රු. 6000 දක්වා ඉහළ දැමීමට අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව තීරණය කර ඇත. එම ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයෙන් පිටත අයගේ දේහ ආදාහනයට මෙතෙක් අය කළ රුපියල් 6800 ක ගාස්තුව රුපියල් 7000 දක්වා වැඩිකර ඇත.

මේ අනුව ලබන වසරේ ජනවාරි සිට ආදාහනාගාරවල ගාස්තු මෙලෙස ඉහළ දැමීමට අනෙකුත් පළාත් පාලන ආයතන ද පියවර ගනිමින් සිටින බව දැන ගන්නට ලැබේ.

තවත් පුවත්