A Brand of Non Media Shout (Private) Limited

රුසියානු කර්ස්ක් සබ්මැරීනය නේටෝ සබ්මැරීනයක ගැටී ගිලූණා – අද්මිරාල් පැපොව්

වසර කීපයකට පෙර මුහුදේ ගිලීගිය කර්ස්ක් නැමැති රුසියානු සබ්මැරීනය නේටෝ සබ්මැරීනයත් සම`ග ගැටී ඇති බව අනාවරණය වී ඇත. රුසියානු හමුදාවේ හිටපු නාවික ප‍්‍රධානියකු මේ

මිතුරන් සමග ‌බෙදාගන්න

වසර කීපයකට පෙර මුහුදේ ගිලීගිය කර්ස්ක් නැමැති රුසියානු සබ්මැරීනය නේටෝ සබ්මැරීනයත් සම`ග ගැටී ඇති බව අනාවරණය වී ඇත.

රුසියානු හමුදාවේ හිටපු නාවික ප‍්‍රධානියකු මේ බව හෙළිකර තිබේ. කර්ස්ක් සබ්මැරීනයේ න්‍යෂ්ඨීක  බලාගාරයේ සිදු වූ පිපිරීමක් නිසා එය ගිලූන බව රුසියානු රජය නිවේදනය කර තිබුණි. එහෙත් එකී සිද්ධිය ගැන වැඩිදුර පරීක්‍ෂණ පවත්වා නැත. අද්මිරාල් වයිවෙස්ලාව් පැපොව් පැවසුවේ බැරන්ටිස් මුහුදේ නාවික අභ්‍යාසවල යෙදී සිටි කර්ස්ක් පසුපස නේටෝ සබ්මැරීනය නිරීක්‍ෂණයේ යෙදී සිටි බවයි. මෙම ගැටීමෙන් නේටෝ සබ්මැරීනයටද හානි සිදු වූ බව එම සබ්මැරීනය අනතුරක සංඥාවක් නිකුත් කිරීමෙන් තහවුරු වන බව අද්මිරාල්වරයා කීවේය. 2000 වසරේ අගෝස්තු 12 වනදා කර්ස්ක් ගිලීගිය බව හෙළි විය.

තවත් පුවත්