ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ Cryptocurrency අධ්‍යයනය සඳහා පත්කළ කමිටුව සිය අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
කාරක සභාවේ අවසන් වාර්තාව 2022 ජූනි 30 වැනි දින ඉදිරිපත් කිරීමට සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
එම කමිටුවට සහය වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ නියැලී සිටින තවත් තාක්ෂණික වෘත්තිකයන් දෙදෙනෙකු පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ Cryptocurrency සම්බන්ධ සමාගම් වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පැනවිය හැකි නීති රීති පිළිබඳව කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම සඳහා 2021 ඔක්තෝම්බර් 05 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව සුජීව මුදලිගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් අට දෙනෙකුගෙන් (08) සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කරන ලදී.
එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අතුරු කමිටු වාර්තාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සභාගත කරනු ලැබුවා