අඟහරුවාදා (23) කුරිංගන්කේනි කලපුවේ සිදුවූ පාරු ඛේදවාචකය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
කින්නියා පොලිසිය විසින් එච්. එම්.නලීම් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාසල් සිසුන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.
තොටුපළේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනකු දෙසැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මගීන්ගෙන් ගාස්තු අය කළ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඛේදවාචකයෙන් පසු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ කින්නියා ප්‍රදේශයේ යාත්‍රා සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අවසර ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේ වෙතත්, කින්නියා නගර සභාවේ සභාපති නලීම් විසින් කුරිංගන්කේනි කලපුව හරහා මගීන් ප්‍රවාහනය කිරීම සඳහා පුද්ගලයෙකුට බලපත්‍රයක් නිකුත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර කුරිංගන්කේනි කලපුවේ යාත්‍රා සේවාව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අතර අද පාර්ලිමේන්තුවේදී ගැටුමක් ඇති වුණා.