පොලිස් නිලධාරියෙකුට පහරදී බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධව අවශ්‍යව සිටි සැකකරුවන් හය දෙනෙකු වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 4 වැනි දින ධර්මපුරම් පොලිස් වසමේ පිරමන්ඩාරු ප්‍රදේශයේ දී ඉදිරි පිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකටයි මෙම සැකකරුවන් පහරදී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 සහ 28 අතර පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.