A Brand of Non Media Shout (Private) Limited

දහම් පාසල් සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක්

දහම් පාසල් කටයුතු පුළුල් කිරීම හා නියාමනය කිරීමේ අරමුණින් දහම් පාසල් සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට අදාළ විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම පසුගියදා අධ්‍යාපන

මිතුරන් සමග ‌බෙදාගන්න

දහම් පාසල් කටයුතු පුළුල් කිරීම හා නියාමනය කිරීමේ අරමුණින් දහම් පාසල් සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට අදාළ විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි. ඒ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් ”ගුණගරුක සමාජයක් ” බිහි කිරීම අරමුණු කර ගනිමින් දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැවරී ඇති සුවිශේෂි කාර්යභාරය තුළ බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන සිව් ආගම්වලට අයත් දහම් පාසල් කටයුතු සම්බන්ධව පහත සඳහන් විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විද්වත් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහි දි සිදු කෙරුණි.

  • දහම් පාසල් ආරම්භ කිරිම, ලියාපදිංචි කිරීම, දේශීය හා විදේශීය අරමුදල් සපයා ගැනිම.
  • ළමුන් ඇතුළත් කිරීම, ගුරුවරුන් බඳවා ගැනීම, පන්ති කාමර හා අනෙකුත් පහසුකම් සපයා ගැනීම.
  • විෂය මාලාව, පෙළපොත් හා ඉගැන්වීම් ක්‍රම ශිල්ප හඳුනා ගැනීම.
  • විභාග පැවැත්වීම, සහතික පත්‍ර නිකුත් කිරීම හා දහම් පාසල් සහතිකය රැකියා සඳහා පිළිගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි සහ ජාතික පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි ඇතුළු මහා සංඝරත්නය, ගරු බෙනඩ් ශාන්ත පියතුමා, බ්‍රහ්ම ශ්‍රී ලක්ෂ්මි කාන්ත ජෙගදිශ කුරුක්කල්තුමා, මුර්ෂිද් මුලෆ්ෆර් මවුලවිතුමා ඇතුළු පැවිදි හා ගිහි විද්වතුන්, අමාත්‍යාංශ ලේකම් එච්.එස්.හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ආරාධිතයින් මෙම කමිටු රැස්වීම සඳහා සහභාගී වූහ.

තවත් පුවත්