ආනයන හා පාලන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ ගෑස් රහිත සිලින්ඩර පරීක්ෂා කිරීමට පමණක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නමුත් කිසිදු ප්‍රමිතියක් අනිවාර්‍ය කිරීමට එම ආයතනයට කිසිදු බලයක් නොමැති බවයි.
ගෑස් සිලින්ඩරයට සවි කරන කපාට ,බට සහ රේගුයුලේටර් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් නියාමනය කිරීමට බලය හෝ වගකීම පාරිභෝගික සේවා අධිකාරිය විසින් ප්‍රමිති ආයතනයට පවරා නොමැති බව ද එම නිවේදනයේ සදහන්.
සිය ආයතනයට පැවරී ඇති බලතල වලට අනුව මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු ඉරීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.