මෙරට පාස්කු ප‍්‍රහාරයට සමානව තමිල්නාඩුවේද ISIS ප‍්‍රහාරයක් එල්ල කිරීමට දියත් කළ සැලසුමක් ඉන්දීය බුද්ධි අංශ විසින් ව්‍යර්ථකර ඇත.
මෘදුකාංග ඉංජිනේරුවකු වූ මරාමි මරික්කාර් සහ ISIS ක‍්‍රියාකාරි ගැජා නැමැත්තන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සැලසුම හෙළිවී තිබේ.
ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයට ද ගල්කිස්සේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.
තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් ISIS ක‍්‍රියාකාරීන් දෙදෙනා ද සිරියාවට ගොස් ISIS සංවිධානයේ සාමාජිකයන් හමුවී රහස් සාකච්ඡුා පවත්වා තිබේ.
ඔවුන්ට අමතරව තමිල්නාඩුවේ දී තවත් ISIS ක‍්‍රියාකාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.