ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමගම හට ගෙන ඇති දරුණු ජල ගැලීම්වලින් ඔස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ නගර රැුසක් ජලයෙන් යට වී තිබේ. ඊයේ (02 දා* වන විට මෙම ජල ගැලීම්වලින් පුද්ගලයන් දෙදෙනකු
මියගොස් තිබූ අතර ජලයට හසු වී ගසා ගෙන ගිය ළමුන් සිවු දෙනකු බේරා ගැනීමට පොලිස් නිලධාරියකු විසින් පියවර ගෙන තිබේ.
ක්වීන්ස්ලන්තයේ ඩෑ ල්බි නගරයේ ඉහළට න`ගිමින් පැවති ජලයට පැනීම නිසා ළමුන් සිවු දෙනා ගසා ගෙන යද්දී දිව ගොස් එම ළමුන් බේරා ගැනීමට පොලිස් නිලධාරියා පියවර ගෙන තිබේ. වසර ගණනාවකට පසු ඇද හැලූණු ධාරාණිපාත වැසි හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ නගර රැුසක් ජලයෙන් යට වී ඇති අතර වසර 10 කට පසුව වේල්ලක් ජලයෙන් යට වීම නිසා වර්වික් නගරය ජලයෙන් යට වී තිබේ. ජලයෙන් සිය නිවෙස් යට වූ විශාල පිරිසක් වගකිව යුතු අංශවලින් ආධාර ඉල්ලා ඇති අතර අවතැන්වූවන් බේරා ගැනීම සඳහා බෝට්ටු යොදාගෙන මෙහෙයුම් සිදු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.