A Brand of Non Media Shout (Private) Limited

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි….

 නැවත දැනුම්දෙන තුරු ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ගෑස් පිපිරීම්වලට අදාළව පොලිස් විමර්ශන ඔස්සේ ඉදිරි පරීක්ෂණ

මිතුරන් සමග ‌බෙදාගන්න

 නැවත දැනුම්දෙන තුරු ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ගෑස් පිපිරීම්වලට අදාළව පොලිස් විමර්ශන ඔස්සේ ඉදිරි පරීක්ෂණ සිදු කරන බව ද එම අමාත්‍යංශය සඳහන් කළේ ය.

අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, ගෑස් පිපිරීම්වලට අදාළව විමර්ශන අවසන් කළ වාර්තා අමාත්‍යංශයට කැඳවා ඇති බවයි.

මේ වනවිට ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති ගෑස් ආශ්‍රිත ගිනිගැනීම් හා පිපිරීම් රටේ සෑම ප්‍රදේශයකින් දිගින් දිගටම වාර්තා වෙමින් පවති.

ඊයේ දිනය තුළ පමණක් ගෑස් අනතුරු 13 ක් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබූ අතර ගතවූ දින දෙක තුළ පමණක් ගෘහස්ත එල්පී ගෑස් අනතුරු 29 ක් නිව්ස් ෆස්ට් වෙත වාර්තා විය.

මේ අතර ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ගෑස් අශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ද ඊයේ උපදෙස් මාලාවක් නිකුත් කළේ ය.

තවත් පුවත්