පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.
අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවයි.
තමන් මීට අදාළ පරීක්ෂණය අධීක්රණය කරමින් සිටින බවත් වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට ගෙනවිත් දැඩි දඬුවම් පමුණුවන බවත් ඔහු අවධාරණය කර තිබේ.
පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.
පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයෙකු බව එම වෙබ් අඩවිය අනාවරණය කර තිබුණි.