A Brand of Non Media Shout (Private) Limited

නැගෙනහිර අප‍්‍රිකානු රටවල මිලියන 26 ක් සාගින්නෙන් බැට කති….

නැගෙනහිර අප‍්‍රිකානු රටවල් ගණනාවක් විසින් මුහුණ දී ඇති දරුණු නියඟය හේතුවෙන් එම රටවල වෙසෙන මිලියන 26ක පමණ ජනගහනයක් සාගින්නෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මිතුරන් සමග ‌බෙදාගන්න

නැගෙනහිර අප‍්‍රිකානු රටවල් ගණනාවක් විසින් මුහුණ දී ඇති දරුණු නියඟය හේතුවෙන් එම රටවල වෙසෙන මිලියන 26ක පමණ ජනගහනයක් සාගින්නෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම රටවලට ලැබෙන වර්ෂාපතනය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එම රටවල වගාවන් විනාශ වී ගොස් ඇති අතර උතුරු කෙන්යාව, දකුණු ඉතියෝපියාව හා සෝමාලියාවේ වැඩි කොටසක වෙසෙන ජනතාව මෙසේ වැඩි වශයෙන් දරුණු සාගින්නට මුහුණ පා සිටින අතර මෙම රටවල සාගතය 2022 වසරේ මැද භාගය දක්වා පවතිනු ඇති බවට මේ වන විට අනාවැකි පළ වී තිබේ.

මෙම සාගින්න නැගෙනහිර අප‍්‍රිකානු රටවල වන සතුන්ටද දරුණු ලෙස බලපා තිබෙන අතර සාගින්න හේතුවෙන් වන සතුන් සිය ගණනක් මෙම දිනවල මියයන බව අනාවරණය වී තිබේ. මෙසේ සතුන් සාගින්නෙන් මියයෑම හේතුවෙන් සත්ත්ව ගොවිපළවල් පවත්වාගෙන යන්නන් සතුව සිටින සතුන්ගෙන් සියයට 70ක් දක්වා වූ සංඛ්‍යාවක් මේ වන විට මියගොස් ඇති බව හෙළි වී තිබේ. බොහෝ නැගෙනහිර අප‍්‍රිකානු රටවල සාගින්න හේතුවෙන් මියගොස් ඇති සතුන්ගේ මළ සිරුරු තැනින් තැන ගොඩ ගැසී තිබීම මේ වන විට පොදු දසුනක් බවට පත්ව ඇත.

තවත් පුවත්