A Brand of Non Media Shout (Private) Limited

ඔමික්‍රෝන් පැතිරුණාද පරීක්ෂණ ඇරඹෙයි…

ශ‍්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් රෝගී කාන්තාවක් ඉකුත් 03 වැනිදා හඳුනාගැනීමත් සමඟ ඇයගෙන් තවත් පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇතිදැයි කියා පුළුල් පරීක්‍ෂාවක් සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ‍්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් රෝගී කාන්තාවක් ඉකුත් 03 වැනිදා හඳුනාගැනීමත් සමඟ ඇයගෙන් තවත් පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇතිදැයි කියා පුළුල් පරීක්‍ෂාවක් සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මෙම කාන්තාව නයිජීරියාවේ සිට නොවැම්බර් මස 24 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය කොවිඞ් මර්දන කිසිදු එන්නතක් ලබා ගෙන නැත. එබැවින් ඇය මෙරටට පැමිණි පසු නිරෝධායනයට ලක්කර සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂාවේදී කොවිඞ් ආසාදිතයකු බව හඳුනා ගැනීමත් සමඟ වැඩිදුර පරීක්‍ෂණ සඳහා එම වාර්තාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය සහ ෙසෙල ජීව විද්‍යා අංශය වෙත යොමු කිරීමෙන් පසු ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

මැය මාරවිල ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවකි.

තවත් පුවත්