A Brand of Non Media Shout (Private) Limited

අමෙරිකානු හා රුසියානු ජනපතිවරු අතර සාකච්ජාවක්..

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර විශේෂ සාකච්ජාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ යුක්රේන අර්බුදය ඇතුළු කරුණු කිහිපයක්

මිතුරන් සමග ‌බෙදාගන්න

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර විශේෂ සාකච්ජාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ යුක්රේන අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහායි.

මෙම සාකච්ජාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුක්රේන දේශ සීමාවේ රඳවා ඇති රුසියානු හමුදාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හා යුක්රේනයේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවයි.

මීට අමතරව එම සාකච්ජාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා, සයිබර් ගැටලු සහ කලාපීය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.

තවත් පුවත්