තරග සාරාංශය
කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායම විසින් දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට Galle Gladiators කණ්ඩායමට ආරාධනා කරන ලදී.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle කණ්ඩායම සිය පන්දුවාර 20 තුලදී කඩුලු 7ක් දැවී ලකුනු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉණිමේ වැඩිම ලකුනුලාභියා වූයේ කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂයි. ඔහු පන්දු 31කදී ලකුනු 56ක් ලබා ගන්නා ලදී. පන්දු යැවීමෙන් Jaffna කන්ඩායමේ ජේඩන් සීල්ස් කඩුලු 3ක්ද, වනිදු හසරංග කඩුලු 2ක්ද ලබා ගන්නා ලදී.
පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි Jaffna කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් තුලදී සියලු දෙනා දැවී ලකිනු 110ක් පමනක් ලබා ගැනීමට සමත් විය. Galle කණ්ඩායමේ සියලුම පන්දු යවන්නන් කිසිදු jaffna ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට ඉඩ නොදෙන ලදී.
ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් Galle කණ්ඩායම ලකුනු 54කින් ජයග්‍රහනය කිරීමට සමත් විය.