A Brand of Non Media Shout (Private) Limited

ප‍්‍රියන්ත කුමාර වෙනුවෙන් යුක්තිය ඉල්ලා කල්පිටියේ දහම් පාසල් සිසුහූ නිහඩ විරෝධතාවක….

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුකරන ලෙසට හා පාකිස්තානයේ සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් කල්පිටිය දළුව

මිතුරන් සමග ‌බෙදාගන්න

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුකරන ලෙසට හා පාකිස්තානයේ සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් කල්පිටිය දළුව අන්තර් සමුද්‍ර විහාරස්ථානයේදී භික්ෂුන් වහන්සේ හා දහම් පාසල් සිසු සිසුවියෝ ඊයේ (5දා) නිහඩ සාමකාමි විරෝධයක නිරත වූහ.

මෙම සාමකාමි විරෝධයට දළුව සුමිත්ත දහම් පාසලේ සිසු දරුවෝ් හා අන්තර් සමුද්‍ර විහාරස්ථානයේ් විහාරාධිපති කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති  මිගට්ටුවත්තේ සුමිත්ත හිමි හා සාමණේර හිමිවරු එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ මිගට්ටුවත්තේ සුමිත්ත හිමියන් කියා සිටියේ පාකිස්තානයේ වසර 10කට ආසන්න කාලයක් රැු`දී සිටිමින් සේවය කළ ප‍්‍රියන්ත කුමාර මහතා අන්තවාදීන් විසින් අමානුෂික අයුරින් ඝාතනය කර මරා පුළුස්සා දැමීම කිසිදු ලෝකවාසියකු අනුමත නොකරන බවයි.

මෙවන් තිරිසන් ක‍්‍රියාවන් කළ හැක්කේ මිනිසුන්ට නොව මිනිස් වෙසින් සිටින අන්තවාදීන්ට බවත් මෙවැනි ක‍්‍රියා ලොව හෙළා දැකිය යුතු බවත්, මේ වන විට එම ක‍්‍රියාව සම්බන්ධව නිසි පරීක්ෂණ ආරම්භ කර ඝාතකයන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීමට පාකිස්තාන අගමැතිවරයා මැදිහත් වීම අගය කළ යුතු බවත් පැවසූ උන්වහන්සේ මේ වන විටත් එරට පදිංචි සෙසු ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඉල්ලා සිටියහ.

තවත් පුවත්