A Brand of Non Media Shout (Private) Limited

දරුවන් පස්දෙනා කැලෑවට ගෙන ගොස් කළ දේ…..

රුවන් පස්දෙනෙකු කැලෑවක අතරමං කර දමා පැනගිය පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස පැනගොස් ඇත්තේ වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පදිංචිව සිටි පස්දරු මවක් බව අනාවරණ

මිතුරන් සමග ‌බෙදාගන්න

රුවන් පස්දෙනෙකු කැලෑවක අතරමං කර දමා පැනගිය පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස පැනගොස් ඇත්තේ වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පදිංචිව සිටි පස්දරු මවක් බව අනාවරණ වී තිබේ.

ඇය සිය දරුවන් පස් දෙනා කැලෑවකට රැගෙනවිත් අතරමං කර සිය අනියම් සැමියා සමඟ පැනගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

කැලෑ බද ඉඩමක කුඩා දරුවන් පස් දෙනකු අඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් දරුවන් පස් දෙනා පොලිස් භාරයට ගෙන ඇත.

එම දරුවන් පස් දෙනා අවුරුදු 12 – 02 අතර වයස්වල පසුවන්නන් බව පසුව හෙළිවී තිබේ.

මෙම දරුවන්ගේ පියා අධික ලෙස මත්වතුර පානයට අබ්බැහි වූ පුද්ගලයකු බව වාර්තා වෙයි.

ඔහු බීමත් ව පැමිණ නිවසේ නිදා සිටින අතරතුර අදාළ කාන්තාව සිය දරුවන් මෙලෙස කැලයක අතරමං කර පැනගොස් ඇත.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඇය මෙලෙස පැනගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු සමග බවය.

පොලිස් භාරයට ගත් දරුවන් පරිවාස භාරයට යොමු කරන තෙක් දරුවන්ගේ වෙනත් ඥාති කාන්තාවක් භාරයේ රඳවා ඇති බව වාර්තා වෙයි.

තවත් පුවත්