A Brand of Non Media Shout (Private) Limited

ඇෆ්ගනිස්ථානයට රිංගූ පාකිස්තාන හැකර්ලා…

පාකිස්තානයේ “රිංගන්නන්” Hacker ඇෆ්ගනිස්ථානයේ පිරිසකට මුහුණු පොත් මගින් “විනකටින්නට” ඉලක්ක ගනිමින් සිටිති. ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලෙයිබානුවන් අත්පත් කරගැනීමට පෙරාතුව පැවැති පාලනාධිකාරියේ (ආණ්ඩුවේ) බලධාරීනට පක්‍ෂපාතිතත්වය

මිතුරන් සමග ‌බෙදාගන්න

පාකිස්තානයේ “රිංගන්නන්” Hacker ඇෆ්ගනිස්ථානයේ පිරිසකට මුහුණු පොත් මගින් “විනකටින්නට” ඉලක්ක ගනිමින් සිටිති.

ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලෙයිබානුවන් අත්පත් කරගැනීමට පෙරාතුව පැවැති පාලනාධිකාරියේ (ආණ්ඩුවේ) බලධාරීනට පක්‍ෂපාතිතත්වය දැක්වූවන්ට “විනකටින්න ”මේ පිරිස ක්‍රියාකරති.

මේ හානිකර කණ්ඩායම පිළිබඳ රහසිගතව ගවේෂණයක් පැවැත්වූ පිරිසක් තමන් විසින් අනාවරණය කරගන්නා ලද ඒ තොරතුරු රොයිටර් පුවත් සේවයට එසේ විස්තර කර තිබේ. මේ පිරිස සිය ඉලක්ක කරා ළඟාවීමට මුහුණු පොත් භාවිත කර ඇති බව විමර්ශකයන් රොයිටර් පුවත් සේවය සමග පැවැත්වූ සාකච්ඡාකදී ඒ විස්තරය අනාවරණ කර තිබේ.

ප්‍රජාවගේ (මහජනයාගේ) අන්තර්ජාලවලට රිංගමින් සිය අවශ්‍යතා සපුරා ගන්නා මේ පිරිස “සයිඩ් කොපි” වශයෙන් ක්‍රියාත්මක කණ්ඩායමකි. ඔවුන් ආණ්ඩුවට, හමුදාවට සහ කාබුල් නගරයේ නීතිය බලගන්වන්නන් ඉලක්ක කර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද ආරක්‍ෂක අංශ විසින් හඳුනාගනු ලැබ ඇත. මේ සඳහා පුරුදු පුහුණු කෙරුණු යුවතියන් “ප්‍රේමාන්විත ඇමට” යොදාගැනෙන බවද තහවුරු වී තිබේ.

“මේ තර්ජනාත්මක අවදානමේ අවසාන ඉලක්කය කුමක්දැයි යන්න, අපට සිතාගන්නත් බෑ” යැයි මේ පිළිබඳ ගවේෂණාත්මක රහස් ඔත්තු සේවයේ යෙදුණු කණ්ඩායමේ ප්‍රධානි “මයික් ඩිවිලයින්ස්කි” ප්‍රකාශ කෙළේය.

“ඔන්ලයින්” වේදිකා, ඊමේල්, මුහුණුපොත් සහ ට්විටර් පණිවුඩ සපයන ආයතන පවසන්නේ ඇෆ්ගනිස්තානයට සම්බන්ධ සියලු ගිණුම් තලෛයිබාන් කණ්ඩායම පාලන බලය ගත් පසුව මේ හේතුවෙන් අත්හිටුවා දැමූ බවය.

මාධ්‍ය සහ සියලු සන්නිවේදන ආයතන මේ අන්දමේ “හැක්” කිරීම් සම්බන්ධව මහජනතාවට “හාන්කවිසියක්” හෝ නොදැනෙන්නට කටයුතු කිරීමට පසුගිය සමයේ වගබලාගෙන තිබේ.

තම තමන්ගේ ආයතනවලට මේ අන්දමේ අවදානම් තත්ත්වයකට මුහුණපාන්නට සිදුවුවද එම කරුණු මහජනතාවගෙන් “වසංගා” තබා ගැනීමට සිදුවූයේ සේවක කාරකාදීන්ගේ සහ ආයතනයේ ආරක්‍ෂාව සඳහා මෙන්ම තවදුරටත් මේ ක්‍රියාව ගැන ගවේෂණය කිරීමට තිබූ හෙයින් නිසා බව ආයතන ප්‍රධානියෙක් පැවසුවේය.
වැඩිදුර ගවේෂණය සඳහා ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවද මේ වනවිට දැනුවත් කර තිබේ.

“හොරෙන් රිංගන්නන්” කණ්ඩායම් දෙකක් සිරියාවේ ගුවන් හමුදා බුද්ධි අංශයට හොරෙන් රිංගා තිබූ බව පැහැදිලිවම අනාවරණ වූ බැවින් සමස්ත පද්ධතියම අඩපණ කර තිබේ.

මේ එක් කණ්ඩායමක් “සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව” යන නමින් පෙනීසිට තිබේ. ඔවුන්ගේ ගොදුරු මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් බවද එළිවී ඇත.

අනෙක් කණ්ඩායම ඒ.පී.ටී.-සී.-37 ලෙසින් හඳුන්වා ගන්නක් බවත් ඔවුන්ගේ ඉලක්ක නිදහස් සිරියන් හමුදාව සහ පෙරදී රජයේ හමුදාවේ සිට පසුව ප්‍රතිවිරුද්ධ හමුදාවට බැඳණු කණ්ඩායම බවත් පැවසේ.

සිරියාවේද මේ අන්දමින්ම හැකර්ලා කණ්ඩායමක් හෙහෙයුමක යෙදී ඇත. එය සිරියානු රජය අරමුණු කර ක්‍රියාක්මක වූවකි. එහෙත් එය පසුගිය ඔක්තෝබරයේ සිට ඉවත් කර ඇත. එහි අරමුණ සුළු කණ්ඩායම්, සමාජ ක්‍රියාකාරීන්, මහජන ආරක්‍ෂක ඒකක සහ සිරියාවේ සිවිල් ආරක්‍ෂක කණ්ඩායම්ය.

මුහුණුපොත වෙනුවන් මාධ්‍යයට කරුණු දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරිය පැවැසුවේ ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ දෙදහසකට අධික පිරිසක් මෙමගින් පීඩාවට පත්ව ඇති බවය. ඉන් වැඩි පිරිස ඇෆ්ගනිස්තානයේ බවය.

තවත් පුවත්