2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(6) පැවති තරගයකින් නුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලබාගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 190ක්.
පීල් සෝල්ට් ලකුණු 64යි.
පන්දුයැවීමේදී ලහිරු කුමාර කඩුලු 3ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 170ක් පමණයි.
නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් අතරේ කඩුලු තුන බැගින් බෙදී ගියා.