A Brand of Non Media Shout (Private) Limited

සපුගස්කන්ද අද සිට යළි වැඩ අරඹයි – බොරතෙල් නෞකාවක් මෙරටට පැමිණෙයි..

පසුගිය 15 වනදා වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 22කට පසුව අද(7) නැවතත් විවෘත කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු

මිතුරන් සමග ‌බෙදාගන්න

පසුගිය 15 වනදා වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 22කට පසුව අද(7) නැවතත් විවෘත කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ත්‍රිවිධ 24 අප සමඟ පවසා සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(7) තෙල් පිරිපහදුවෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමටද නියමිත බවයි.

දීර්ඝ කාලයක් වසා තැබීමෙන් තෙල් පිරිපහදුවට විශාල හානියක් වන බව ඛණිජතෙල් වෘත්තීය සමිති මිට පෙර සඳහන් කල කාරණාවක්.

එසේ වුවහොත් පිරිපහදුව අලුත්වැඩියා කිරීම සඳහා කෝටි ගණනක මුදලක් වැයවනු ඇති බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර පසුගියදා ඇනවුම් කළ බොරතෙල් මෙට්‍රික් ටොන් 92,000 ක් සහිත නෞකාව මේවනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

තවත් පුවත්