A Brand of Non Media Shout (Private) Limited

ගෑස් අනතුරු ගැන සොයන්න පත්කළ කමිටුවේ වාර්තාව නිකුත් කෙරේ…

මෙරට සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් සියයට 53 කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බවට ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව

මිතුරන් සමග ‌බෙදාගන්න

මෙරට සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් සියයට 53 කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බවට ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබද විමර්ශනය කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පැවසුවේ ලැබුණු පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ
නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා කාලය තුල බවයි.

එම කාලය තුළ ගෑස් කාන්දුවීම් සම්බන්ධව පැමිණිලි 227 ක් සහ ගෑස් ලිපෙහි මුහුණත බිඳීයාම් හා ගෑස් ලිප් පුපුරායාම් සම්බන්ධ පැමිණිලි 174 ක් ලැබී තිබෙනවා.

එම වාර්තාවට අනුව ගෑස් වලට අනන්‍ය වූ ගන්ධය නොමැති වීමද මෙම අනතුරු සඳහා හේතුවක් බව පැවසෙනවා.
මේ අතර ගෑස් සිලින්ඩරයේ කාන්දු වීම පිලිබඳ සෙවීම සඳහා අනාරක්ෂිත ක්‍රම භාවිතා නොකරන ලෙසද එම කමිටුව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගෑස් සිලින්ඩරයට සම්බන්ධවන අනෙක් උපකරණවල ප්‍රමිතියද මෙම අනතුරු වලට හේතුවක් බවත් එම කමිටු වාර්තාවේ සඳහන්.

කෙසේ නමුත් ඔවුන් පවසන්නේ මෙම අනතුරු සඳහා ගෑස් සංයුතියේ වෙනසක් බලපා ඇද්ද යන්න පිලිබඳ සෙවීමට තවදුරටත්
කටයුතු කරන බවටයි එම කමිටුව වැඩි දුරටත් ප්‍රකාශ කලේ.

කෙසේ නමුත් සිදු වූ ගෑස් සම්බන්ධ අනතුරු හේතුවෙන් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම නවතා තිබුනද ලිට්‍රෝ සමාගම සහ ලාෆ් සමාගම නව නිර්දේශ යටතේ ඊයේ (06) සිට නැවත ගෑස් නිකුත් කිරීමට කටයුතු කරනවා.

තවත් පුවත්