A Brand of Non Media Shout (Private) Limited

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි…..

අද (07) සහ හෙට (08) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. “අද

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (07) සහ හෙට (08) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

“අද දෙරණ” කළ විමසීමක දී ඒ මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව අද සවස 6 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

එම විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් අවශ්‍යතාවය අනුව එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

දිවයින පුරා ඉකුත් 03වනදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවය.

 

තවත් පුවත්