A Brand of Non Media Shout (Private) Limited

ඉන්දුනීසියාවේ ගිනි කඳු පිපිරීමකින් ගම්මාන 11ක් අළුවලින් යටවේ….

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි ‘‘සෙමෙරු’’ ගිනි කන්ද පිපිරීමත් සමගම නිකුත් වූ දැවැන්ත ගිනිකඳු අළු තොගය හා ගැටීමෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති අතර ගැබිනි

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි ‘‘සෙමෙරු’’ ගිනි කන්ද පිපිරීමත් සමගම නිකුත් වූ දැවැන්ත ගිනිකඳු අළු තොගය හා ගැටීමෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති අතර ගැබිනි මවුවරුන් දෙදෙනකු ඇතුළු 98 දෙනකු පමණ තුවාල ලැබ ගම්මාන ගණනාවක් අළුවලින් යටවී තිබේ. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව මේ වන විට වාර්තා වී තිබේ.

පෙරේදා (04 දා) දිනයේ හටගෙන ඇති මෙම ගිනි කඳු පිපිරීමත් සමගම දැවැන්ත ගිනිකඳු අළු තොගයක් අඩි 50,000ක් පමණ උසකට නිකුත් වී ඇති අතර ‘‘මාජාන්ග්’’ දිස්ත‍්‍රික්කයේ පිහිටි  ගම්මාන 11ක් පමණ මෙම අළුවලින් යට වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයිිසෙමෙරු ගිනි කන්ද පිපිරීමත් සමගම නිකුත් වී ඇති දැවැන්ත අළු තොගයට යට වූ ගම්මානවල පිහිටි නිවෙස්වල වහලය දක්වාම අළුවලින් යට වී ඇති අතර මෙම අළු සමගම නිකුත් වූ තුනී දුමාරය හේතුවෙන් හිරු රැුස් පොළවට පතිත වීම වැළකී යෑම නිසා අවට පරිසරය දැඩි අන්ධකාරයකින් වැසි ගොස් ඇති බව වාර්තා වී තිබේ. ඉන්දුනීසියානු බලධාරීන්ට අනුව මෙම ගිනිකඳු පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනකුට දරුණු පිළිස්සීම් තුවාල සිදුව තිබේ. ගිනි කන්දෙන් පිට වූ අළුවලින් නිවෙස් යටවීමත් සමගම බොහෝ නිවැසියන් සිය නිවෙස්වලින් ඉවත් වී පිටතට දිව ගොස් ඇති අතර ඔවුන් පල්ලි හා තාවකාලික රැුකවරණ මධ්‍යස්ථානවල රැුඳවීමට බලධාරීහු ක‍්‍රියාකර තිබේ. ඊයේ (05 දා) දහවල වන විට අළුවලින් යට වූ නිවෙස් තුළ සිර වී සිටි පුද්ගලයන් 902 දෙනකු බලධාරීන් විසින් බේරාගෙන තිබූ අතර නිවෙස්වල කොටු වී සිටින්නන් මුදාගැනීමේ මෙහෙයුම්වලට ගිනි කඳු පිපිරීමෙන් පසු පරිසරය තුළ පැවති දුමාරය, විදුලිය ඇනහිටීම හා වැසි කුණාටු හේතුවෙන් බාධා එල්ල වී තිබේ.

තවත් පුවත්