A Brand of Non Media Shout (Private) Limited

මාතලේ කාන්තාව මියගිය හේතුව එළියට….

මාතලේ පොලිස් වසමේදී කාන්තාවක් මියයාමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිළි කර තිබේ. එහි සඳහන් වන්නේ නොවැම්බර් මස 19 වන දින අදාළ

මිතුරන් සමග ‌බෙදාගන්න

මාතලේ පොලිස් වසමේදී කාන්තාවක් මියයාමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිළි කර තිබේ.

එහි සඳහන් වන්නේ නොවැම්බර් මස 19 වන දින අදාළ කාන්තාව සිය නිවසේ මුළුතැන්ගෙයෙහි ගෑස් ලිප දැල්වීමේදී ඇඳුමට ගිනි ඇවිලීම හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවය.

කෙසේ වෙතත් දෙසැම්බර් මස 03 වනදා මෙම කාන්තාව රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසේදී වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර සිදුකර තිබේ.

පසුව දෙසැම්බර් මස 06 වනදා අදාල කාන්තාව රෝගය උත්සන්න වීම හේතුවෙන් නැවත රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ බාහිර පිලිස්සීම් තුවාල සහ හෘදයාබාධ සංකූලතා හේතුවෙන් සිදුව ඇති හදිසි මරණයක් බවය.

මරණකාරිය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටියදී නොවැම්බර් මස 21 වනදා මාතලේ පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරිනියක් වෙත ප්‍රකාශයක් සිදුකර ඇත.

එහි සඳහන්ව ඇත්තේ ගෑස් ලිප දැල්වූ අවස්ථාවේ ඇඳිවතට ගිනි ඇවිලුණු බවත් ගෑස් සිලින්ඩරය, රේගියුලේටරය, රබර් බටය හෝ ගෑස් ලිප පිපිරීයාමක් සිදු නොවූ බවත් ය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදීද අනාවරණ වී ඇත්තේ ගෑස් සිලින්ඩරය, රේගියුලේටරය, ගෑස් බටය හෝ ලිප පිපිරී යාමක් සිදුව නොමැති බවය.

තවත් පුවත්