රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදී දුම්රියේ ගැටී තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා
මේ අනතුර සිදුවුණේ අද පෙරවරු 8 ට පමණයි.
අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ පිරිමි පුද්ගලයින් දෙදනෙකු සහ කාන්තාවක්.
ඔවුන් අතර සිටි එක් පිරිමි පුද්ගලයකු සතුව තිබූ හැඳුනුම් පතක නම දැක්වෙන්නේ ශාන්ත කුමාර් රාජ් යනුවෙන් බව වටවල පොලිසිය පවසයි.
හැඳුනුම්පතේ වයස දැක්වුණේ අවරුදු 40 ක් ලෙස වන අතර මස්කෙළිය සමිමලේ ලෙස පදිංචිය දැක්වුණා.
උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා විමට ප්‍රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේදී දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට පාගමනින් ගිය බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පැවසුවා.
මෙම තිදෙනා දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වුවාද නැතහොත් වෙනත් සිදුවීමක්ද යන්න පිළබදව වටවල පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.