A Brand of Non Media Shout (Private) Limited

මිනිත්තුවකදී කිසිඳු වේදනාවක් නොමැතිව මරණයක් ගෙනදෙන යන්ත්‍රක්..

මිනිත්තුවක් තුළදී වේදනාවකින් තොරව මරණය ලබාගැනීමට හැකි යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය භාවිතයට ස්විට්සර්ලන්තය නීත්‍යනුකූල අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මිතුරන් සමග ‌බෙදාගන්න

මිනිත්තුවක් තුළදී වේදනාවකින් තොරව මරණය ලබාගැනීමට හැකි යන්ත්‍රයක් නිපදවා තිබෙනවා.

මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය භාවිතයට ස්විට්සර්ලන්තය නීත්‍යනුකූල අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.

එහි ඇති විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසුවුවද, ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට හැකිවීමයි.

මෙහිදි මරණය සිදුවන්නේ කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවමයකට ගෙන ඒම මගිනි. රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්ස්‍යූලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසයි.

Exit International නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය නිට්ෂ්කේ පවසන්නේ ‘සාකෝ’ ලෙස හැඳින්වෙන තමන්ගේ මෙම නිර්මාණය ‘මරණය ගෙනදෙන ගෑස් කුටියකට’ වඩා වැඩි දෙයක් නොවන බවට පවා විවේචන එල්ලවන බවයි. සියදිවි නසා ගැනීම ‘උත්කර්ෂයට’ පැමිණවීමට පොළඹවන යන්ත්‍රයක් ලෙස පවා ගැරහුම් එල්ලව තිබෙන සාකෝ යන්ත්‍ර ලබන වසර වනවිටම ස්විට්සර්ලන්ත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

 

තවත් පුවත්