A Brand of Non Media Shout (Private) Limited

LPL ප්‍රසාද ලකුණු සටහනේ ගාල්ල ඉදිරියට….

LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට “ගෝල් ග්ලැඩියේටර්ස්” කණ්ඩායම සමත්ව තිබේ. ඔවුන් මේ වන විට තරග තුනකට සහභාගි වී ඉන් දෙකක් ජයගනිමින් ප්‍රසාද

මිතුරන් සමග ‌බෙදාගන්න

LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට “ගෝල් ග්ලැඩියේටර්ස්” කණ්ඩායම සමත්ව තිබේ.

ඔවුන් මේ වන විට තරග තුනකට සහභාගි වී ඉන් දෙකක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටියි.

“කැන්ඩි වොරියර්ස්” කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමග “ජැෆ්නා කිංග්ස්” කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව තිබේ.

ඔවුන්ට ද ප්‍රසාද ලකුණු 4ක් හිමිව ඇති අතර “දඹුල්ල ජයන්ට්ස්” කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 4ක් සමගින් එම ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවෙයි.

“කලම්බෝ කිංග්ස්” කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් සමගින් ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පත්ව තිබේ.

මේ වනවිට තමන් සහභාගී වූ තරඟ 3ම පරාජය වී ඇති “කැන්ඩි වොරියර්ස්” කණ්ඩායම ප්‍රසාද සටහනේ අවසාන ස්ථානයේ පසුවෙයි.

තවත් පුවත්