A Brand of Non Media Shout (Private) Limited

ඊශ්‍රායලය සහ පලස්තීනය යකඩ තාප්පයකින් වෙන් කෙරේ….

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පිහිටි ගාසා තීරය වෙන් කරමින් ඊශ්‍රායලය විසින් ඉදි කිරීම ඇරඹු ආරක්ෂක වැටෙහි වැඩ කටයුතු අවසන් කර ඇති බව විදෙස් මාධ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පිහිටි ගාසා තීරය වෙන් කරමින් ඊශ්‍රායලය විසින් ඉදි කිරීම ඇරඹු ආරක්ෂක වැටෙහි වැඩ කටයුතු අවසන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම වැට, “යකඩ තාප්පය” ලෙසින් හඳුන්වා ඇති අතර මෙම ආරක්ෂක වැට හරහා  ඊශ්‍රායල වැසියන්ට උපරිම ආරක්ෂාවක් හිමිවන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ග්‍රාන්ට්ස් මහතා මෙම තාප්පය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පවසා තිබෙනවා.

මෙම තාප්පය ඉදිකිරිම සඳහා ට්‍රක් රථ 220,000ක කොන්ක්‍රීට් සහ ටොන් 140,000ක යකඩ සහ ලෝහ භාවිතා කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එසේම මෙම ආරක්ෂක තාප්පයෙහි සන්නිවේදන උපාංග සවි කරවා ඇති අතර එමගින් උමං හාරමින් මෙම සීමාව හරහා ගමන් කිරීමේ අවස්ථාව ද අහුරා තිබෙනවා.

තවත් පුවත්