A Brand of Non Media Shout (Private) Limited

පොලීසියෙන් සෙවූ තරුණිය කටුනායකදී කොටුවෙයි….

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුවක් නිකුත් වී සිටි තරුණියක් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ ගනිද්දී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අද (09) උදෑසන එම අත්අඩංගුවට

මිතුරන් සමග ‌බෙදාගන්න

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුවක් නිකුත් වී සිටි තරුණියක් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ ගනිද්දී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (09) උදෑසන එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඇය කැරොලයින් අරවුයෝ ද සිල්වා නමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි.

ඒ අනුව ඇයව යළි බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඇය තායිලන්තයේ සැඟවී සිට ඇති අතර වීසා කාලය නිමාවීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන ඇය එලෙස ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා උත්සාහ ගෙන තිබූ බව අනාවරණය වී ඇත.

සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

තවත් පුවත්