A Brand of Non Media Shout (Private) Limited

’කොවිඩ්’ නීති කඩකර ක්ලබ් ගිය අග්‍රාමාත්‍යට වැඩ වරදි…

‘කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කළේ යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය 36 හැවිරිදි සන්නා මරීන්ට චෝදනා එල්ල විය. අග්‍රාමාත්‍යවරියට චෝදනා එල්ල

මිතුරන් සමග ‌බෙදාගන්න

‘කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කළේ යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය 36 හැවිරිදි සන්නා මරීන්ට චෝදනා එල්ල විය.

අග්‍රාමාත්‍යවරියට චෝදනා එල්ල වූයේ ඇය ‘කොවිඩ් 19’ ආශ්‍රිතයකු බව දැනගෙනත්, සෞඛ්‍ය නීති කඩ කරමින්, රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මරීන්, ෆින්ලන්ත වැසියන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළාය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ද වන මරීන්, ‘කොවිඩ් 19’ සමීප ආශ්‍රිතයකු බවට පත් වූයේ, විදේශ අමාත්‍ය පෙකා හවිස්තෝ ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය. පෙකා හවිස්තෝ ආසාදිතයකු බව තහවුරු වීමට පෙර ඔහු සමීපව ඇසුරු කළේ අග්‍රාමාත්‍යවරිය යැයි සෞඛ්‍ය අංශ හඳුනා ගෙන තිබුණි.

ඒ අනුව, රටේ සෞඛ්‍ය නීතී අනුව, ‘කොවිඩ් 19’ හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කර ගන්නා ලෙසත් එහි ප්‍රතිඵල ලැබෙන තුරු හුදෙකලා වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ, අග්‍රාමාත්‍යවරියගේ රාජකාරි ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යවා දන්වා ඇත.

චෝදනා එල්ල වූයේ අග්‍රාමාත්‍යවරිය එම පණිවුඩය නෙසලකා යෙහෙළියන් පිරිසක් ද සමඟ හෙල්සින්කි අගනුවර සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. සමාව ඉල්ලමින් සිදුවුණේ කුමක්දැයි පැහැදිලි කිරීමට ද අගමැතිනිය කටයුතු කළාය.

‘කෙටි පණිවුඩය ලැබෙද්දී, මා ළඟ මගේ රාජකාරී ජංගම දුරකතනය තිබුණේ නැහැ. ඒ වනවිටත් මා යෙහෙළියන් සමඟ නිවසින් පිටවී ගොස් තිබුණා. මා පණිවුඩය දැක්කේ යළි නිවසට ආ පසුවයි. එවිට මා වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු වුණා. එහිදී තහවුරු වුණා මා ආසාදිතයකු නොවන බව. ඒත්, කොවිඩ් 19 පාලනයට සෞඛ්‍ය අංශ පනවා ඇති නීති මා උල්ලංඝනය කළා. එය හිතාමතා කළ දෙයක් නොවෙයි. ඒත් මා එසේ කළා. ඒ ගැන මා සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා’ යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

තවත් පුවත්