ලබන වසරේදීත් (2022) තුළදී වාහන ආනයන සීමා පැනවීමටත් රාජ්‍ය අංශයට නව බඳවා ගැනීම් සිදු නොකිරීමට තීරණය කළ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා
ඒ ඊයේ (09දා) මුදල් අමාත්‍යවරයා කොළඹ පැවැති කිරීගොවි සම්මේලනය අමතමිනි.
එමෙන්ම කිරිපිටි ආනයනය කිරීම සඳහාද මුදල් වෙන් කිරීමට අපහසුතාවක් ඇති බවද එම නිසා පිටරටින් කිරිපිටි ගෙන්වීම සඳහා යන මුදල රටට ඉතිරි කරදීමට රජයට සහාය දෙන ලෙස මුදල් අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන වසර (2022) තුළදීත් වාහන ආනයන සීමාව එලෙසම පැනවීමට තීරණය කිරීම මත මෙම (2021) වසර මුලදී පැනවුණු ආනයන සීමාවන් තවත් වසරක කාලයක් බලපැවැත්වෙන අතර දැනට පනවා ඇති වාහන ආනයන සීමාවන් එලෙසම ක්‍රියාත්මක වන බවයි.