A Brand of Non Media Shout (Private) Limited

අනවසර විදුලි රැහැනේ පැටලී දෙදරු මව මරුට

එළවළු කොටුවක් වනසතුන්ගෙන් ආරක්ෂාකර ගැනිම සඳහා අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී දෙදරු මවක් ඊයේ (09) පස්වරුවේ ජිවිතක්ෂයට පත්වි ඇති බව තලවකැලේ පොලීසිය පැවසිය.

මිතුරන් සමග ‌බෙදාගන්න

එළවළු කොටුවක් වනසතුන්ගෙන් ආරක්ෂාකර ගැනිම සඳහා අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී දෙදරු මවක් ඊයේ (09) පස්වරුවේ ජිවිතක්ෂයට පත්වි ඇති බව තලවකැලේ පොලීසිය පැවසිය.

තලවකැලේ වත්තේ පහළ කොටසේ ශාන්ත ජනපදයේ පදිංචිව සිටි අබේසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රාවතී (50) නමැති දෙදරු මව මෙසේ ජිවිතක්ෂයට පත් වි තිබුණි.

මිය ගිය දෙදරු මවගේ නිවසේ සිට අනවසරෙන් විදුලි රැහැනක් එළවළු කොටුවට ඇද තිබූ බවත්, ඇය එම අනවසර විදුලි රැහැනට සම්බන්ධකර තිබූ විදුලි සම්බන්ධතාවය විසන්ධි නොකර එළවළු කොටුවට ගොස් වැඩ කරමින් සිටියදි විදුලි රැහැනට පැටලි ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලීසිය සැකකරයි.

මිය ගිය කාන්තාවගේ සැමියා නිවසට පැමිණ සිය බිරිඳ නිවසේ නොසිටි නිසා එළවළු කොටුවට ගොස් පරික්ෂා කිරිමේදි ඇය විදුලි රැහැනේ පැටලි ජිවිතක්ෂයට පත්වි ඇති බව අනාවරණය වි ඇත.

විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරීමෙන් අනතුරුව සිය බිරිදව විදුලි රැහැනෙන් ඉවතට ගෙන සිද්ධිය ගැන පොලිසියට දැනුම් දි ඇත.

තවත් පුවත්