A Brand of Non Media Shout (Private) Limited

එන්නත් කාඩ්පත නැත්නම් පොදු ස්ථානවලට යන්න බැහැ….

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී අද විශේෂ අවධානයට යොමු වුණා. මෙම කමිටුව අද පෙරවරුවේ

මිතුරන් සමග ‌බෙදාගන්න

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී අද විශේෂ අවධානයට යොමු වුණා.

මෙම කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොවිඩ් එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා මේ වනවිට නීති උපදෙස් ගෙන ඇති අතර එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට අද රැස්වූ කොවිඩ් කමිටුව අද (10) තීරණය කළා.

වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන් සඳහා පළමු එන්නත් මාත්‍රාවත් වයස අවුරුදු 16 සිට 19 දක්වා ළමුන් සඳහා 2 වන එන්නතත් ලබාදීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කළා

මෙම එන්නත ලබා දෙන දිනයන් පසුව දැනුම් දීමට නියමිතයි.

මේ අතර වයස අවුරුදු 30 ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබාදීම අද (10) සිට ආරම්භ කළ බව
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා

ඔහු පවසන්නේ කොරෝනා මර්දන දෙවන එන්නත ලබාගෙන මාස තුනක් ගතවී ඇති අයට අද සිට බූස්ටර් එන්නත ලබාගත හැකි බවයි

බූස්ටර මාත්‍රාව ලබාදීම ඉදිරි සති දෙක තුළ අවසන් කරන ලෙසට ජනාධිපතිවරයා කොවිඩ්-19 පාලන කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා

තවත් පුවත්