A Brand of Non Media Shout (Private) Limited

මුලතිව් මුහුදේ මියයන ඩෝල්ෆින්…

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරලට මිය ගිය ඩෝල්ෆින් මත්ස්‍යයින් 09 දෙනෙකුගේ සිරුරු ඊයේ දිනය තුළ ගොඩගසා තිබු බව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසනවා .

මිතුරන් සමග ‌බෙදාගන්න

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරලට මිය ගිය ඩෝල්ෆින් මත්ස්‍යයින් 09 දෙනෙකුගේ සිරුරු ඊයේ දිනය තුළ ගොඩගසා තිබු බව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසනවා .

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලේ කිලෝමීටර් 2 ක් පමන දුරින් මෙලෙස මිය ගිය ඩෝල්ෆින් මත්ස්‍යන්ගේ සිරුරු දකින්නට ලැබුණු බව සදහන්.

මුලතිව් වනජීවි කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබදව පරීක්ෂනයක් සිදු කල නමුත් මත්ස්‍යන්ගේ මියයෑමට හේතුව නිශ්චිතව හඳුනා ගෙන නැහැ.

මිය ගොස් සිටි මත්ස්‍යයින් සිරුරු තුළ තිබී ප්ලාස්ටික් කැබලි කිහිපයක් සොයාගත් බව පවසන එම නිලධාරීන් එම සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරික්ෂක වෙත යොමුකරන බව පැවසුවා.

තවත් පුවත්