කුරානයට හා ඉස්ලාම් ධර්මයට අපහාසයක් කළේ යැයි චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.
2017 වසරේ පොලොන්නරුව ප්‍රදේශයේ දී සිදුකරන ලද ප්‍රකාශයකින් ඉස්ලාම් ධර්මයට සහ කුරානයට අපහාසයක් සිදු කළේ යැයි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
එම අවස්ථාවේදී විමර්ශන සිදුකළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමක් නොකරන බව නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව විත්තකාර ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙසරාත්වරයා සැකකාර ඥානසාර හිමියන් නිදහස් කිරීමට නියෝග කළා.