A Brand of Non Media Shout (Private) Limited

ගෑස් සිලින්ඩර් යළි ගැනීම බොරුවක්..

නිවෙස්වල පවතින පොලිතින් ආවරණය ඉවත් නොකළ ගෑස් සිලින්ඩර් අලෙවි නියෝජිතයන් නැවත භාරගෙන නව සිලින්ඩර් ලබාදෙන ලෙස පාරිභෝගික අධිකාරිය දැනුම් දුන්නත් ඒවා ලබාදෙන්නේ නැතැයි පාරිභෝගිකයෝ

මිතුරන් සමග ‌බෙදාගන්න

නිවෙස්වල පවතින පොලිතින් ආවරණය ඉවත් නොකළ ගෑස් සිලින්ඩර් අලෙවි නියෝජිතයන් නැවත භාරගෙන නව සිලින්ඩර් ලබාදෙන ලෙස පාරිභෝගික අධිකාරිය දැනුම් දුන්නත් ඒවා ලබාදෙන්නේ නැතැයි පාරිභෝගිකයෝ පවසති.

පොලිතින් ආවරණය ඉවත් නොකළ සිලින්ඩර් නැවත භාරගෙන නව ගෑස් සිලින්ඩර් ලබාදෙන ලෙස

පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම් දෙකට දැනුම් දුන් බව ප‍්‍රකාශ කළද එවැනි දැනුම් දීමක් තමන්ට සමාගම්වලින් දැනුම් දී නැතැයි පවසමින් ගෑස් ලබාදීම ප‍්‍රතික්‍ෂේප කරන බවද පාරිභෝගිකයෝ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ගෑස් සමාගමක් විසින් ලබාදී ඇති 1311 දරන දුරකථනයට කතා කළත් එයට ප‍්‍රතිචාර නොදක්වන බවද ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුකර පාරිභෝගිකයාට සහනයක් සලසා දෙන ලෙසද පාරිභෝගිකයෝ ඉල්ලා සිටිති.

තවත් පුවත්