යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් යළි සාකච්ඡාවට එළඹෙන ලෙස G – 07 කණ්ඩායම රුසියාවෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්තයේ ලිවර්පූල්හිදී G – 07 කණ්ඩායම ඊයේ (11) රැස්වූ අවස්ථාවේදියි මෙම ඉල්ලීම් කර ඇත්තේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලිස් ට්‍රස්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇත්තනී බ්ලින්කන් සහ ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය හා ජපානය යන රටවල විදේශ ලේකම්වරුන් එම සාකච්ඡාවට එක්ව සිටි බව සදහන්.