වෙසක් එකට එපා නම් නත්තලටත් එපා සෞභාග්‍යයේ දැක්ම මේකද?

වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (12) පැවසූහ. ආගම කියන්නේ සාද දැමීම

මිතුරන් සමග ‌බෙදාගන්න

වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (12) පැවසූහ.

ආගම කියන්නේ සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන බව කී කාදිනල්තුමෝ ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල්වල නත්තල් දා මත්පැන් අලෙවියට ඉඩදෙන්නැයි කර ඇති ඉල්ලීමක් තමන් පුවත්පත්වල දුටු බව කී කාදිනල්තුමෝ නත්තල් දා මත්පැන් පානය කර ජීවිත විනාශ කරගැනීමට අවසරදීම සෞභාග්‍යයේ දැක්මදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූහ.

කාදිනල්තුමෝ එහිදී මෙසේ ද කීහ.

“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ.

2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැගෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කර තිබුණත් තාම එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපාන බව පේනවා. අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ට අතකොලු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි.” යැයි ද කාදිනල්තුමෝ කීහ.

තවත් පුවත්