පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුළ සොයා ගත් සහ කැනීම්,ගවේෂණ කටයුතුවලින් සොයාගනු ලබන පුරාවිද්‍යාත්මක අවශේෂ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වැඩිදුර විශ්ලේෂණය කිරීම පිළිබඳව සහාය ලබා ගැනීම සඳහා චීන මහජන සමූහාණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ ඇකඩමියේ ෂැන්හායි ශාඛාව (Technology and Science in the People’s Republic of China) සමඟ සහයෝගිතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි.
මානව සම්පත සංවර්ධන කිරීම, තාක්ෂණික දැනුම හුවමාරු කිරීම වැනි ක්‍රියාවලින් තුළින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම මෙම සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ අරමුණු වේ.
මෙමඟින් මැටි බඳුන් වීදුරු ආදී පුරාවිද්‍යාත්මක අවශේෂ අතිදියුණු තාක්ෂණික ක්‍රම ඔස්සේ විශ්ලේෂණ කටයුතු සිදු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ද නියමිතයි .