A Brand of Non Media Shout (Private) Limited

පාර්ලිමේන්තුවේ වාර අවසන් කරමින් ජනපති ගෝඨාභයගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්…

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මීළඟ

මිතුරන් සමග ‌බෙදාගන්න

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු වාරය 2022 ජනවාරි 18 වන දින පෙරවරු 10.00 ට කැඳවන බවයි එම ගැසට් නිවේදනයෙන් දක්වා ඇත්තේ.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා අහෝසි වන අතර නව වාරය ආරම්භයේදී ඒවා නැවත පත් කළයුතු වේ.

එසේම නව පාර්ලිමේන්තු වාරයක් ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් එය උත්සවාකාරයෙන් විවෘත කිරීම ද සිදු කෙරේ.

තවත් පුවත්