රුපියල රැකගන්න මහ බැංකුව ඩොලර් විකුණුවේ මෙහෙමයි…

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මේ අනුව පසුගිය

මිතුරන් සමග ‌බෙදාගන්න

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 61.71 ක් මිල දී ‌ගෙන තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ  නොවැම්බර් මාසය තුළ දී මහ බැංකුව සතුව තිබූ ඩොලර් මිලියන 372.35 ක් විදේශ විනිමය වෙළෙඳපොළේ විකුණා ඇති බවයි.

මේ අනුව ශුද්ධ වශයෙන් ‌ඩොලර් මිලියන 310.64 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කොට ඇත.

තවත් පුවත්