දුම්රිය රියදුරන් සහ නියාමකවරු අද (15) දහවල් සිට සිදුකළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
අද දහවල් පාසල් අවසන් වීමෙන් පසුව නිවෙස් බලා යන පාසල් දරුවන් ද ඒ හේතුවෙන් අපහසුතාවයකට පත්ව සිටි බව අප වාර්තාකරුවන් පැවසූහ.
දුම්රිය එංජින් රියදුරන් ඇතුළු දුම්රිය ශ්‍රේණි ගණනාවක උසස්වීම් අහිමිකිරීම හා අත්තෝමතික ලෙස පසුගිය කොවිඩ් කාලයේ සේවයට පැමිණීමට නොහැකි වූ දුම්රිය සේවකයින් සේවයෙන් ඉවත්කිරීමත් ආදි හේතු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
දුම්රිය නියාමක සංගමය, දුම්රිය එංජින් රියදුරන් හා සෙසු වෘත්තීය සංගම් ගණනාවක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වයි.
කෙසේවෙතත් මේ වන විට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව වාර්තා වේ.