A Brand of Non Media Shout (Private) Limited

රංගන හේරත්ට කොවිඩ්…

ටෙස්ට් තරග දෙකක සංචාරයක් සඳහා නවසීලන්තයට ගොස් සිටින බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මිතුරන් සමග ‌බෙදාගන්න

ටෙස්ට් තරග දෙකක සංචාරයක් සඳහා නවසීලන්තයට ගොස් සිටින බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිසිවෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව සදහන්.

අද දිනයේ ක්‍රීඩකයින් සහ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් තවත් කොවිඩ්-19 පරීක්ෂණයකට මුහුණ දී ඇති බව ද දැනගන්නට ලැබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට දින හතක නිරෝධායනයක් සදහා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අනුගත කර තිබෙනවා.

තවත් පුවත්